ලිව්වේ: යසස් විසින් 2012 මාර්තු 16 දී.
අන්තර්ජාලය භාවිතා කරන හැමෝම දිනපතාම වගේ මොනව හරි download කරනවනෙ. උදාහරණ විදිහට pictures, songs, music videos, movies, files වගේම මෘදුකාංගත් ගන්න පුලුවන්. ඉතින් මේ Files ගොඩක් වෙලාවට තියල තියෙන්නෙ File Sharing Sites වල. අපි මොනව හරි search කලාම අපිට හම්බ වෙන්නෙ අදාල files වලට තියෙන links තමා. ඔයාල අත්දැකීමෙන්ම මේ දේ දන්නවනෙ. (ගොඩාක් files torrents විදිහට තමා මුලින්ම එන්නෙ. ඒත් අවුල තියෙන්නෙ peers ල අඩු වුනාමයි).
මේ විදිහට file sharing පහසුකම සපයන sites ගොඩක් තියෙනව. මේ අතරින් හැමෝම වගෙ වැඩියෙන්ම කැමති Mediafire වගේ sites වලට තමා. මොකද speed limit, waiting times වගේ දේවල් මේ sites වල නෑ. හිතේ හැටියට files 2, 3 උනත් ගේමක් නැතුව එකපාර බාන්න පුලුවන්. හැම File Sharing Sites 1ක් ම ඒ වගේ නෑ. Speed limit කරන්න Free user, Premium user කියල බෙදල තියෙනව. Premium User ට කිසි අව්ලක් නැ. High Speed, No Waiting Time. අපිටත් ඕනෙ ඒ වගේ 1ක් නෙ.
ඒ වගේ Premium User ට High speed බාගන්න දීපු sites තමා Filesonic, Fileserve, Hotfile, Wupload, Filefactory. තව ගොඩක් තියෙනව. ඔය මම වැඩියෙන් පාවිච්චි කරපුව. දැන් හැබැයි Filesonic වලට කෙල වෙලා. Hotfile වල දාන files ඉක්මනට මකනව. මේ මම ලිපිය ලියන වෙලාව වෙනකොට වැදගත් විදිහට ඉන්නෙ Fileserve, Wupload සහ Filefactory. ඉතින් මම අද කියන්නෙ Filefactory සහ Wupload වලින් premium විදිහට බාන හැටි.


අදාල File Sharing Site 1ට log වෙන්න. දැන් පහල රූප අනූව cookie value update කරන්න. Chrome – Filefactory

Chrome – Wupload
Firefox - Filefactory
Firefox – Wupload
දැන් page 1 refresh කරල බලන්න, Premium account 1කින් log වෙලා ඇති.(log වුන email 1 වෙනස් වෙලා ඇති.). හරි ගියෙ නැත්නම් වෙන cookie 1ක් දාල බලන්න.
දැන් වෙන tab 1ක් ඇරල download කරන්න ඕනෙ ලින්ක් 1ට යන්න. නිකන්ම download වෙන්න අහයි( IDM 1). හරිනෙ දැන්. අවුලක් තිබ්බොත් comment 1ක් දාන්න.
ලිව්වේ: යසස් විසින් 2011 ඔක්තෝබර් 18 දී.
අද මම කතා කරන්න යන්නෙ TTS තාක්ෂණය හා ඒ සම්බන්ද මෘදුකාංග ගැනයි. TTS කියන්නෙ Text To Speech කියන එකයි. සරළවම කියනව නම් මේකෙදි කරන්නෙ ලියල තියෙන දෙයක් කියවන එකයි. මේ තාක්ෂණය දැන් වෙන කොට ඉතා දියුණු තත්වයකයි තියෙන්නෙ. කොච්චර දියුණුද කියනවනම් සමහර කටහඩවල් ඡේදයක් කියවද්දි සාමාන්‍ය මිනිසෙක් කතා කරනව වගේමයි දැනෙන්නෙ. පහල තියෙන්නෙ ඒ වගෙ කියවපු ඡේදයක්.
TTS වලදි ප්‍රධාන වශයෙන් කොටස් 2ක් තියෙනව.
මෙසේ TTS සඳහා නිපදවා අති මෘදුකාංග විශාල ප්‍රමාණයක් තියෙනව. ඒවා අතර TextAloud, NaturalReader, Loquendo TTS ප්‍රධාන තැනක් ගන්නව. මේ අතරින් NaturalReader නොමිලේ බාගත කරගත හැකි මෘදුකාංගයක්.
අපට ඇසෙන ශබ්දයේ quality 1 මූලිකවම රඳා පවතින්නෙ Voice 1 මතයි. එකිනෙකට වෙනස් Voices විශාල ප්‍රමාණයක් මේ වන විට නිපදවා තිබෙනව. ඒවා අතර UK English, USA English, Indian English වගේ විවිධ උච්චාරණ තිබෙනව. TTS තාක්ෂණයේ වැදගත්ම කොටස මේ Voices තමයි. මට හම්බ වෙච්ච සිරාම Voices2 ක් තියෙනව. ඒ NeoSpeech Bridget හා Julie. (Bridget UK උච්චාරණය, Julie USA උච්චාරණය). මේ Voices සෑහෙන බුද්ධිමත්. වාක්‍යයක් ඉවර වෙන කොට, වචනයක් ඉවර වෙලා අනික් වචනය පටන් ගනිද්දි, උපුටා ගැනීමක් කියවද්දි ඒක හොදට තේරෙනව.
දැන් TTS වල තියෙන ප්‍රයෝජන ගැන පොඩ්ඩක් කතා කරමු. මට නම් මෙහෙම දෙයක් ඕනෙ උනේ ebooks කියවන්න තියෙන කම්මැලි කම හින්ද. ඊට පස්සෙ Lecture notes එහෙමත් කියවන්න මේක පාවිච්චි කලා. අන්තිමට TTS වලින් හදපු Voices, Game 1කටත් පාවිච්චිකළා. තව ප්‍රයෝජන ඕනෙ තරම් තියෙනව. Web pages, Emails, Novels(english ebooks) උනත් කියවන්න පුලුවන්. මේකෙ තියෙන වටිනම දේ තමයි Text -> Audio වලට හරවන්න තියෙන පහසුකම. ඒ කියන්නෙ ඕනෙම Text 1ක් (eg: english නිර්වචනයක් ) mp3 කරගෙන ජංගම දුරකථනයේ හෝ mp3 player 1 දාගෙන ඕන වෙලාවක අහගෙන යන්න පුලුවන්. Exam වල තියෙන ගිරව parts වලට මේක කියාපු බඩුව.
හරි, දැන් කියන්නම් මේක දාගන්නෙ කොහොමද කියල.
දැන් ඕනම Text 1ක් කියව ගන්න, mp3 කරගන්න 1 ගේමක් නෑ.
අදට අති. මම ගිහින් එන්නම්…
ලිව්වේ: යසස් විසින් 2011 ජූනි 2 දී.
මේකත් Kaspersky ගැනම ලිපියක්. ඇත්තටම කිව්වොත් මේ කලින් ලිපියෙ update 1ක්. සමහරු කියල තිබ්බනෙ ඒක original ම kaspersky නෙමෙයි කියල. ඔව් එක ඇත්ත ඒ CBE 11. නමුත් මේ 2 තියෙන වෙනස ගැන මම කලින් කියල තියෙනවනෙ. වෙනස් ඉතින් නම විතරයි.
හරි මේ ලිපියෙන් කියන්න යන්නෙ Original Kaspersky Internet Security 2011 Setup 1යි CBE license key 1යි භාවිතා කරල කලින් වැඩේම කරගන්න හැටි. වෙන විදිහකට කියනවනම් නොමිලේම Original KIS 2011 දාගන්න නියමම ක්‍රමය මේක තමයි.
මේක කරන්න පට්ට ලේසියි. මුලින්ම මෙතනින් ගිහින් KIS 2011 setup 1යි මෙතනින් ගිහින් cbi.dll 1යි බාගන්න.
password : yasasblog
ඊලඟට Setup 1 මම පහල කියල තියෙන විදිහට install කරගන්න.
අන්තිමට තියෙන්නෙ කලින් ලිපියෙ මම දීපු license key 1 දීල activate කරගන්න 1යි.දැන් ඔබට එළම කිරි original kis 2011 මෘදුකාංගය නොමිලේම ලැබිල ඇති.
හරි, ඔයාලත් කරල බලන්න. අවුලක් ගියොත් comment 1 දාන්න. ඔය හරියට Check/Uncheck කරන්න ඕනෙ සමහර තැන් තියෙන නිසා තමයි පින්තූරත් දැම්මෙ.මම ගිහින් එන්නම්.
ආ….. යන්න කලින් මේකත් කියන්න ඕනෙ. මගෙ කලින් ලිපියෙන් CBE11 setup 1 සිය(100) දෙනෙක්ට ආසන්න පිරිසක් භාගත කරගෙන තිබුන. ඒත් comment දාල තිබුනෙ කීප දෙනයි. ඉතින් මේ ලිපියෙන් හරි ඔබ යම් ප්‍රයෝජනයක් ලබා ගත්තනම් පොඩි comment 1ක් දාල යන්න අමතක කරන්න එපා. මොකද ඒක මාර වටිනව.
Update
තමන්ට අදාල Key 1 ගන්න මේ ලිපිය බලන්න. Key 1 expire වුනාම අලුත් Key 1ක් ගන්න එම ලිපියේ පියවර 3 හා 4 කරන්න. එක key 1ක් එක පරිඝණකයකට පමණක් දමන්න. පරිඝණකයක කිහිපයකට අවශ්‍ය නම් account කිහිපයක් සාදා Keys ගන්න.
ලිව්වේ: යසස් විසින් 2011 මැයි 21 දී.
ටික කාලයකින් ලිපියක් දාන්නත් බැරි උනා. මොකද පහුගිය කාලෙ මට ටිකක් වැඩ වැඩි වෙලයි ඉඳියෙ. එත් කොහොම හරි මේ ලිපිය දාන්න මම කල්පනා කලා. මොකද මේ ලිපිය ගොඩක් දෙනෙක්ට වැදගත් වෙයි කියල හිතුන.
හරි මම කලින් ලිපියක් දැම්මනෙ Kaspersky Security Suite CBE 10 ගැන. මේ ඒකෙ අලුත් ම සංස්කරණය. මේකට පොඩි දෙයයි කරන්න තියෙන්නෙ.
දැන් ඉතින් Kaspersky Internet Security 2011 වල පහස විඳගන්න ඔබටත් පුලුවන්. License 1 මාස 3ක් විතර පෙන්නයි. කලින් වගේම මාස තුනෙන් තුනට අලුත් keys දෙනව බයවෙන්න දෙයක් නැ.
එහෙනම් මම ගිහින් එන්නම්. අවුලක් තිබ්බොත් comment 1ක් දාන්නකො……
Update
තමන්ට අදාල Key 1 ගන්න මේ ලිපිය බලන්න. Key 1 expire වුනාම අලුත් Key 1ක් ගන්න එම ලිපියේ පියවර 3 හා 4 කරන්න. එක key 1ක් එක පරිඝණකයකට පමණක් දමන්න. පරිඝණකයක කිහිපයකට අවශ්‍ය නම් account කිහිපයක් සාදා Keys ගන්න.
ලිව්වේ: යසස් විසින් 2011 පෙබරවාරි 3 දී.
අන්තර්ජාලය භාවිතා කරන බොහෝ දෙනා මුද්‍රණය කළ පොත් මිලට ගන්නවා වෙනුවට ebook 1ක් නොමිලේ බාගන්න පුරුදු වෙළා ඉන්නව. ඉතින් තොරතුරු තාක්ෂණය, ඉන්ජිනේරු තාක්ෂණය වගේ විෂයයන්ට අදාල පොත් ඕන තරම් තිබුනත් අනෙක් බොහෝ විෂයයන්ට අදාල පොත් හොයා ගන්න නැති තරම්. මටත් එහෙම පොතක් හොයාගන්න ඕනෙ වෙළා බලනකොට අන්තිමට තිබ්බෙ Google Books වල විතරයි. ඒව කෙලින්ම බාගන්න දෙන්නෙ නෑනෙ. ඉතින් බාගන්න ක්‍රමය තමයි අද කියන්න යන්නෙ.
උදාහරණයකට මේ ලිපිනයට යන්න.
උදව්වක් ඕන නම් කමෙන්ට් 1ක් දාන්න. ගිහින් එන්නම්.
ලිව්වේ: කසුන් විසින් 2011 ජනවාරි 18 දී.
අප පෙර ලිපියෙන් සදහන් කලේ ලංකාවේ ජිවත්වු මනුෂ්‍ය වර්ගය බෙදි සිටි කුල ගැනය. අද අප එතැනින් ඉදිරියට යමු.
පෙර සදහන් කල රාක්ෂ ග්‍රෝත්‍රය ලංකා ඉතිහාසයේ කැපිපෙනෙන ග්‍රෝත්‍රයක්ව සිටි බව, අපට මහා භාරතය හා රාමායනයද , ලංකාවේ පවතින ජනප්‍රවාද හා කටකථා පිලිබඳ හැදැරිමෙන් දැකගත හැක.මෙයින් රාක්ෂ ග්‍රෝත්‍රය සමඟ බොහෝ සමිප රජුය රාවණා රජු.( සමහර පොත පතේ යක්ෂ රජ කෙනෙක් ලෙස හදුන්වා ඇත. ) ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර සදහන් කරන පරිදි ‘රාක්ෂස’ ලෙස හදුන්වා ඇත්තේ අසුරයන් ගේ නොහොත් යක්ෂ ග්‍රෝත්‍රිකයන්ගේ නිලමක්කාර රදළ පැළැන්තිය බවය.
මෙම ශ්‍රේෂ්ඨ රාවණා රජුගේ පියා ලෙස ඉතිහාසයේ සඳහන් වන්නේ විශ්‍රවස් මුණිය. මව ඉතා ප්‍රබල පරපුරකින් පැවත එන සුමාලි නම් රජුගේ දූ කුමරියකි, ඇය නම් පුෂ්පොත්කටා කුමරියයි.අප දැන් ස්වල්පයක් හැරි බලමු මෙම ශ්‍රේෂ්ඨ රාවණා රජුගේ මව හා පියාගේ පරපුරවල් ගැන. විශ්‍රවස් මුණිගේ පියා ලෙස සැලකෙන්නේ ප්‍රබල ඉසිවරයෙකුව සිටි පුලස්ති ඉසිවරයාය.
පුලස්ති
මෙම පුලස්තිසි පරපුර ප්‍රබල ලෙස ලෝකයේ සැම දෙස විසිරි සිටි බව, සහ මොවුන් විසින් දැනට භාවිතා වන ජෝතිෂයද නිර්මාණය කර ඇති බව සැලකිය හැක. මෙම පරපුරේ මුලිකයා ලෙස සැලකෙන්නේ කර්දමගේ තෘනබින්දු ඍෂිවරයාය, මොහු චන්ද්‍ර වංශයේ අරම්භකයා ද වෙයි. මොහුගෙන් පසු සුර්ය වංශයේ අරම්භකයා වන ඉක්ෂ්චාකු ද, එයටත් පසු මහා බ්‍රහ්මද වෙයි. මහා බ්‍රහ්මට පුතුන් 8 දෙනෙක් වුහ. මෙම පුලස්ති ඍෂිවරයා ඔහුගේ තෙවන පුත්‍රයා වෙයි. මොහු අග්‍රගණයේ පඩිවරයෙකුද දාර්ශනිකයෙක් මෙන්ම විද්‍යාඥයෙක්ද වෙයි.එලෙසම මොහු අයුර්වේද විද්‍යාවේද නිර්මාපකයා වී යයි සැලකේ. මොහු පොලොන්නරුව ආශ්‍රිතව ජිවත් වු බව සැලකිය හැක. එසෙම දැනට පොලොන්නරුවේ පොත්ගුල් විහාරය ඉදිරිපිට ඇති පුස්කොල පොතක් දෑතින් ගත් ගල් ප්‍රතිමාව පුලස්ති ඍෂිවරයගේ ලෙසද සැලකේ.මෙය පරාක්‍රමබාහු රජුගේ ප්‍රතිමාව ලෙසද හදුන්වයි, නමුත් මෙහි සළුපිළි රජ කෙනකුගේ සළුපිළි මෙන් නොව, ඉසිවරුන් හඳිනා ලෙස සලකන සරල යටකය වැස්මක්, සහ උරය හරහා දමන සිහින් හණපටක් පමනක් දක්වා ඇත. එලෙසම මෙහි ශිර්ෂය මුදුනට වන්නට උස්වන ලෙස බැදි කෙස් වැටිය ද දැක්විය හැක.මෙම සියලු ලක්ෂණ ඉසිවරයකුට සම වේ.
රාවණා රජුගේ මව පුෂ්පොත්කටා කුමරියයි ඇය අප කලින් සඳහන් කල සුමාලි නම් රාක්ෂ රජුගේ හා කේතුමති නම් රැජිනියගේ දූවරුන් 4 දෙනාගෙන් එක් කෙනෙකි. (මොවුන්ට පුතුන් 10 දෙනකුද සිටි බව සදහන් වෙයි.) රාවණ රජුට ලංකා පුරයට විශාල නෑකමක් ඔහුගේ මව් පර්ශවයෙන් තිබින. මක්නිසාදයත් රාවණා රජුගේ මවගේ පියාණන් වු සුමාලි රජුගේ නියමයෙන් විශ්වකර්ම නම් නිර්මාණකරුවා විසින් ලංකා පුරය නිර්මාණයකර ඇති නිසාය. අප දැන් බලමු මෙසේ ඉතා අලංකාරවත් ලෙස සහ ප්‍රභල ලෙස ආරක්ෂා විදි යොදා තිබු රාජධානිය ඔහුගෙන් දුරස් වුනේ කෙසේද කියා. මෙම සුමාලි රජු සහ ඔහුගේ සොහොයුරන් තිදෙනා දිර්ඝ කාලයක් ධන්‍ය වඩා මහා බ්‍රහ්මයව සතුටු කර අපරාජිත බව ලබා ගත්හ. මෙසේ වරම් ලබා ගත් මේම සොහොයුරන් දාමාරික කම් කරමින් සුර , අසුර හා ලෝකවාසින්ට පිඩා කල නිසා විෂ්ණු විසින් ඔවුන්ගේ බල බිඳ දැමුහ.පසුව සුමාලි රජු ලංකා රාජ්‍ය අතහැර පාතාලයට ගියේය. ( පාතාලය ලෙස බොහෝ විද්වතුන් හදුන්වා ඇත්තේ ලංකාවේ දකුණු දිග ප්‍රදේශයයි.)
— මතු සබැඳි —
ලිව්වේ: යසස් විසින් 2011 ජනවාරි 11 දී.
Kaspersky කියන්නෙ පරිඝණක පරිශීලකයන් අතර ඉතා ප්‍රචලිත, ප්‍රමුඛ පෙළේ ප්‍රති-වෛරස මෘදුකාංගයක්. ඉතින් හැම දෙනාම කැමතියි තම පරිඝණකයත් මෙම මෘදුකාංගය මගින් ආරක්ෂා කර ගන්න. නමුත් බොහෝ දෙනා මෙම මෘදුකාංගය මිලදී ගන්න පෙළඹෙන්නෙ නැහැ. ඒ වෙනුවට මම පෙර ලිපියෙන් කතා කළ ක්‍රම හා තවත් ක්‍රම භාවිතා කරමින් නොමිලේ ලබා ගැනීමට තැත් කරනව. එනම් crack, patch, trial resetter, key file වැනි විවිධ ක්‍රම භාවිතා කරනව.
මම අද මේ ලිපියෙන් කියල දෙන්න යන්නෙ ඉහත ක්‍රම වලට වඩා වෙනස් ක්‍රමයක් ගැනයි. ඒ කිව්වෙ අවසානයේ අපට KIS 2010 Original සංස්කරණයක් ලැබෙන ක්‍රමයක් ගැනයි. ඉතින් ඔයාලත් උත්සහ කරල බලන්න. අමාරු නෑ.
මේ පහසුකම සලසන්නෙ ජර්මනියෙ Computer Bild කියන සඟරාවයි. සඟරාවත් එක්ක Kaspersky Security Suite Computer Bild Edition මෘදුකාංගය ලැබෙනව. ඒක Kaspersky Internet Security 2010 මයි, ටිකක් වෙනස් කරල තියෙනව අලුත් නමකුයි, ජර්මන් භාෂාවයි එකතු කරල. එච්චරයි. ඉතින් අපට තියෙන්නෙ ඒ වෙබ් අඩවියෙන් දෙන serial 1 දාල මේක නොමිලේම පාවිච්චි කරන්නයි.
මෙන්න වැඩේ කරන පියවර ටික ………….
පහත රූප වල අංක පිළිවෙළින් යන්න.
(1) Click කරන්න.
(2) Click කරන්න. (3) Un check කරන්න.
(4) Click කරන්න. (5) Click කරන්න.
දැන් start menu එකේ run click කරලා regedit කියලා type කරලා OK කරන්න. ඊලඟට පහත රූප වල අංක පිළිවෙළින් යන්න.
(1) Click කරන්න. (2) Click කරන්න.
(3) Click කරන්න. (4) Click කරන්න.
(5) Click කරන්න. (6) Click කරන්න.
(7) Double Click කර “de” ”en” කරන්න.
Kaspersky restart කරන්න. දැන් භාෂාව හරි ගිහින් ඇති. නැවත Self Defense Enable කරගන්න.( Settings—> Options—> Enable Self Defence check කරන්න—> Apply—> Ok)
නම වෙනස් කරගන්න නම් කරන්න තියෙන්නෙ මෙච්චරයි. මෙතනින් ගිහින් Kasperskey Official Skin 1 බාගන්න. ඊළඟට Settings—> Appearance—> Skin යටතේ Use alternative skin—> Browse කර බාගත කරගත් Skin 1 තෝරන්න. දැන් Apply—> Ok.
නියමයි…… දැන් ඉතින් KIS 2010 යාවත්කාලීන කරගන්න.
මේ License 1 දවස් 50ක් විතර පෙන්නයි. බයවෙන්න එපා, මාස 3 කට සැරයක් අලුත් keys දෙනව. කල් ඉකුත් වුනාම කරන්න තියෙන්නෙ නැවත ලොග් වෙලා key 1ක් ලබා ගන්න එකයි (පියවර 3, 4, 5 ).
කරල බලන්නකො. අවුලක් තියෙනවනම් comment 1ක් දාන්න. ගිහින් එන්නම්…….
ලිව්වේ: කසුන් විසින් 2011 ජනවාරි 7 දී.
වසර 2500 ක ප්‍රෝඩ ඉතිහාසයක් ඇති අප රට ලෝකයේ පැරණි ඉතිහාසයක් ඇති අනිත් රටවලට නොදැවනි ලෙස ඉහලින්ම තැබිය හැක. නමුත් අප සියලු දෙනාම කතා කරන්නෙ විජයාවතරනයෙන් පසු දියුණු වුණු නැතහොත් සංවර්ධනය කරන ලද ඉතිහාසයකි. නමුත් මෙයට විරුද්ධව එයට වඩා පැරණි ඉතිහාසයක් ඇති බවට විශ්වාස කරන අප රටේ විද්වතුන් රාශියක් සිටියි. රාජ් සෝමදේව, කලාශුරි අරිසෙන් අහුබුදු වැනි විද්වතුන් මේ පිලිබඳ බෝහෝ කරුණු සොයා යමින් සිටියි.
ලංකා ඉතිහාසයේ හා ලෝක ඉතිහාසයේ නොවිසදුණු ප්‍රධාන ගැටළු සහගත ඉතිහාස පුවතකි රාවණා කතාව. මේ පිළිබඳව ප්‍රධාන වශයෙන් ගෙනහැර දක්වන්නේ රාමායනය මහා කාව්‍යයේය. එයද එලෙස දක්වා ඇතත් සිංහලයන් සහ ලාංකිකයන් ලෙස අපට එමගින් වැදි ඇති පහර සුලු පටු නොවෙයි. මක්නිසාදයත් රවණා රජු ස්ත්‍රින් පැහැර ගන්නා රාක්ෂයෙක් ලෙස එමගින් හුවා දක්වා ඇති නිසාය.
අප දැන් බලමු ලංකාවේ එම අවදියේ සිටි මිනිසුන් කවරහුද කියා. ප්‍රධාන වශයෙන් ඔවුන් රාක්ෂ, යක්ෂ, දේව සහ නාග ලෙස ග්‍රෝත්‍ර 4 ක් ලංකාවේ ජිවත්වි ඇත. එමනිසා එකල ලංකාවට සිව් හෙලය යන නමද භාවිතා වි ඇත. රාමායනයට අනුව අප රටේ ජිවත්වි ඇත්තේ රකුසන්, යකුන්, නාගයන් ලෙස දක්වා ඔවුන් සතුන් සහ භුතයන් ලෙස විකෘති කර ඇත. නමුත් වර්තමානයේද පවතින කුල ග්‍රෝත්‍ර භේදය සලකා මෙසේ වර්ග 4 කට බෙදා වෙන්කල බව අපට සිටිය හැක.
උදාහරණයක් ලෙස වර්ථමානයේද ජාති වශයෙන් පවතින බෙදිම සලකා බැලිය හැක එනම්. සිංහල, දෙමල, මුස්ලිම් සහ බර්ගර් ලෙසය. එම අවදියෙදි මෙසේ යක්ෂ, රාක්ෂ, දේව සහ නාග ලෙස බෙදා සිටි බව අපට සිතිය නොහැකිද????? මොවුනුත් සාමාන්‍ය මිනිසුන් නොවුනාද?????
මේ ගැන හොඳ පසුබිමක් හදාගන්න අපි දැන් බලමු මෙම රාක්ෂ, යක්ෂ, නාග, හා දේව ග්‍රෝත්‍ර ගැන…….
මොවුන්ගේ ලාංජන වශයෙන් ස්වස්තිකය හා මකරා යොදා ගෙන තිබේ. හිරු දෙවියන් ඇදහු ජනකොටස කළු ගගෙන් උතුරේද, චන්ද්‍ර වංශය ඇදහු ජනකොටස කළු ගගෙන් පහලද ජිවත්වු බවට ඉතිහාසය සාක්ෂි දරයි.
තවද ලංකාවේ නැතහොත් හෙලයේ සිටි ප්‍රබලම රාක්ෂ ග්‍රෝත්‍රික රජු ලෙස රාවණා රජු සැලකේ.
මොවුන්ගේ ලාංජනය වශයෙන් මාළුවා යොදා ගෙන තිබේ. මොවුන් ප්‍රධාන වශයෙන් නාවික කටයුතු මෙහෙයවු පිරිසක් විය. ලංකාවේදි ප්‍රධාන වශයෙන් නාග ග්‍රොත්‍රිකයන් ගේ ප්‍රදේශයක් වශයෙන් කැලණිය ප්‍රදේශය. අපට සැලකිය හැක. මෙහිදි නාග ග්‍රෝත්‍රයට සම්බන්ධ රජ කෙනෙක් ලෙස ,රාවණා රජු ගේ සහෝදරයෙක් වන මව් පාර්ශවයෙන් නාග ග්‍රෝත්‍රික වන විභිෂණ රජු සැලකිය හැක. මෙසේ නාග ග්‍රෝත්‍රිකයන් ලංකාවේ බටහිරදිග ගොඩනගා තිබු නාග රාජධානිය ක්‍රි.පු 250 දි පමණ ඇතිවු මුහුද ගොඩ ගැලිමකින් විනාශ වී ඇත. මන්නාරම හා තුත්තුකුඩිය අතර පට්‍ටුනාගම් නගර ලක්ශයක්, ධිවර ගම්මාන 970 හා තවත් ගම්මාන 400 ක් විනාශ වී ඇත. ඉතිරි වුයේ ඉන් 1/12 කි.
මොවුන්ගේ ලාංජනය වශයෙන් පද්මය හා කෙටේරිය භාවිතා වී ඇත. යක්ෂ ග්‍රෝත්‍රය ලංකා ඉතිහාසයේ ප්‍රධාන තැනක් ගත් ග්‍රෝත්‍රයකි. බොහෝ දුරට සලකන පරිදි යක්ෂ ග්‍රෝත්‍රිකයන්ට මාතෘ මුලික සමාජ ක්‍රමයක් තිබි ඇත.
මොවුන්ගේ ලංජනය වශයෙන් පුන්කලස භාවිතා වී ඇත. දේව ග්‍රෝත්‍රිකයන් ප්‍රධාන වශයෙන් ලංකාවේ කදුකර ප්‍රදේශවල ජිවත් වී ඇති බවට සිතිය හැක. මොවුන්ගේ ප්‍රධාන පුද්ගලයකි සුමන සමන් දෙවියන්.
— මතු සබැඳි —
ලිව්වේ: යසස් විසින් 2011 ජනවාරි 6 දී.
මේ මගේ ප්‍රථම පරිඝණක තාක්ෂණික ලිපිය. ඉතින් මම කල්පනා කළා පරිඝණකයකට මෘදුකාංග අතුලත් කරන තැනින් ම පටන් ගන්න. අපි හැමෝම දන්න විදිහට පළමුව කළ යුත්තේ තමන් බලාපොරොත්තු වන මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කර ගැනීමයි. දැන් බොහෝ දෙනා windows vista හෝ windows 7 පාවිච්චි කරන නිසා මෙය ඉතා පහසු ක්‍රියාවක් බවට පත්වී තිබෙනවා. ඊට හේතුව භාවිත කරන්නාට ඉතා පහසු අතුරු මුහුණතක් (GUI – Graphical User Interface) භාවිතා කරමින් පියවරෙන් පියවර උපදෙස් සපයන පරිදි මෙහෙයුම් පද්ධති නිර්මාණය කර තිබීමයි. ඒ නිසා මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය ගැන විස්තර මේ ලිපියෙන් ගෙන ඒමට බලාපොරොත්තු වෙන්නෙ නෑ.
මෙහෙයුම් පද්ධතිය ස්ථාපනය කළ පසු පළමුවෙන් ම කළ යුත්තේ ප්‍රති වෛරස (Anti-virus) මෘදුකාංගය ඇතුලුත් කිරීමයි. මේ වන විට වෙළඳපොළේ විවිධ සමාගම් මගින් නිශ්පාදනය කරන ප්‍රති වෛරස මෘදුකාංග බොහෝමයක් තියෙනව. ඉතින් දැනට නම් Kaspersky තමයි අංක 1 ඉන්නෙ [ආරක්ෂාව හා පහසුව අතින්]. මෙය අත්හදා බැලීමට දවස් 30 ක full functional trial version 1 මෙතනින් නොමිලේ ලබා ගත හැකියි. ඔබට full version 1 මිලදී ගත නොහැකි නම් පහත ක්‍රම දෙකෙන් 1ක් භාවිතා කළ හැකියි.
ඉහත ක්‍රම දෙකෙහි සාර්ථක භාවය වරින් වර වෙනස් වෙනව.
මීලඟට, Bitdefender හොඳ නමක් දිනාගෙන තිබෙනව. මම නම් මේදවස් වල භාවිතා කරන්නෙ AVG Internet Security 2011. දැනට නම් අවුලක් නැතිව වැඩ කරනව, හැබැයි crack, patch, keygen එහෙම පේන්න බෑ මකල දානව(වෛරස් කියල ). පරිඝණකය startup 1 දී තත්පර 5 ක් විතර වැඩිපුර වෙලා යනව. හැබැයි ඊට පස්සෙ කිසි ප්‍රශ්නයක් නෑ. තවත් ප්‍රති වෛරස මෘදුකාංග රාශියක් තිබුනත් මට නම් හරි ගියේ ඔය 3 තමයි.
මීළඟට වඩාත්ම සුදුසු Autorun virus remover මෘදුකාංගයක් ඇතුලත් කිරීමයි. එමගින් පරිඝණකයේ ආරක්ෂාව තහවුරු වේ. මෙහි නවතම සංස්කරණය v3.0 යි. මෙය ප්‍රති වෛරස මෘදුකාංග සමග එක්ව වැඩ කළ හැකි කුඩා මෘදුකාංගයක්.
දැන් කළ යුතු හොඳම දේ ඉහත මෘදුකාංග දෙකම යාවත්කාලීන(update) කරගැනීමයි. ඊට පසු තමන්ට අවශ්‍ය මෘදුකාංග එකින් එක අතුලත් කළ හැකියි.
අත්‍යවශ්‍ය මෘදුකාංග කිහිපයක් මම සඳහන් කරන්නම් ඒවායේ ප්‍රයෝජනත් සමගම.
මීට අමතරව එදිනෙදා වැඩ කර ගැනීමට,
මීට අමතරව ඔබගේ අනන්‍යතාවයට හා අවශ්‍යතාවයට ගැළපෙන මෘදුකාංග අතුලත් කරගත හැකියි.
ඉතින් අදට මේ අති. තවත් ලිපියකින් නැවත හමුවෙමු. අඩුපාඩු, විවේචන එහෙම තියෙනව නම් comment 1ක් දාන්න.
ලිව්වේ: යසස් විසින් 2010 දෙසැම්බර් 28 දී.
දැන් කාලෙ අන්තර්ජාලය පරිහරණය කරන බොහෝ දෙනා බ්ලොග් 1ක් පවත්වාගෙන යනවා. ඉතින් මටත් හිතුනා පරක්කු වෙලා හරි බ්ලොග් 1ක් පටන් ගන්න. මොකද මමත් IT Field 1 ඉන්න කෙනෙක් නිසා මම දන්න දේ හැමෝම එක්ක බෙදා ගන්න පුලුවන්. අනික මම මේක කරන්න ඉන්නෙ සම්පුර්ණයෙන්ම සිංහලෙන්. ඒ කියන්නෙ මේක සිංහල බ්ලොග් 1ක්. සමහර තාක්ෂණික දේවල් සිංහලෙන්ම කියන්න අමාරු වුනත් ගොඩක් දෙනෙකු ට තේරුම් ගන්න පුලුවන් වෙන්න එහෙම කරන්න හිතුව.
මම මේ බ්ලොග් 1න් නවීන තාක්ෂණික ලිපි, පරිගණක පාඩම්, අන්තර්ජාලයේ අලුත් තොරතුරු, හෙළ ඉතිහාසය වගේම තවත් ඔයාලට වැදගත් වන දේවල් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ බ්ලොග් 1 පවත්වා ගෙන යන්න ඔයාලගෙ ප්‍රතිචාර අවශ්‍ය වෙනව. ඒ ප්‍රතිචාර, ඉල්ලීම් අනූව අවශ්‍ය විදිහට වෙනස් කම් කරන්නත් බලාපොරොත්තු වෙනවා.